
උමාඔය ප්‍රධාන උමඟේ සිදුවූ ජල කාන්දුව නෝර්වේ උමං කැණීම් විශේෂඥයන්ගේ උපදෙස් මත දැන් සියයට 80 ක් පමණ අඩු කර ඇතැයි මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පවසයි.
ඊට අමතරව නිවාස අලාභ හානි සිදුවූ පවුල් 2784කට වන්දි ලෙස රුපියල් ලක්ෂ 5405ක් ලබාදී තිබේ. වගා වන්දි ලෙස පවුල් සඳහා රුපියල් කෝටි ගණනක් ලබාදී තිබේ.
මේ අනුව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශයේ නිවාස 1242ක් සඳහා දසලක්ෂ 240.3 ද ඇල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 655ක් සඳහා රුපියල් දස ලක්ෂ 253.5ක්ද වන්දි ලෙස ලබාදී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය පවසයි.
ඊට අමතරව හාලි ඇළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 227ක් සඳහා රුපියල් දස ලක්ෂ 2.5ක්ද, වැලිමඩ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ නිවාස 487ක් සඳහා රුපියල් දස ලක්ෂ 18.6ක්ද වන්දි ලෙස ලබාදීමට අනුමත වී තිබේ. මීට අමතරව පානීය ජලය ලබාදීමට ටැංකි 4100ක් මිලදී ගැනීමට රුපියල් දසලක්ෂ 20ක මුදලක් ලබාදී ඇතැයි ද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.