කෘත්‍රිම වැසි ඇති කරන විද්‍යාගාරයක් මොරටුවේ | සිළුමිණ

කෘත්‍රිම වැසි ඇති කරන විද්‍යාගාරයක් මොරටුවේ

කෘත්‍රිම වැසි නිපදවීමේ හැකියාව ඇති අතිනවීන පහසුකම්වලින් සපිරි මෙරට ප්‍රථම අධි-විද්යුත් පරීක්ෂණාගාරය මොරටුව විශ්වවිද්‍යාලයේ දැන් ස්ථාපිත කර ඇත. HVAC සහ HVDC යන විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළ හැකි ශ්‍රී ලංකාවේ එකම පරීක්ෂණාගාරය වන මෙය සඳහා රුපියල් මිලියන 35ක් වැය කර තිබේ.

අධි-වෝල්ටීයතා විදුලි උත්පාදන යන්ත්‍රයක්, අධි-වෝල්ටීයතා විකල්ප ධාරා පර්යේෂණ පද්ධතියක්, අධි-වෝල්ටීයතා ඍජු ධාරා පර්යේෂණ පද්ධතියක්, කෘත්‍රිම වැසි නිපදවීමේ උපකරණ සම්බන්ධ පාලන උපකරණ සහ සහායක උපාංගවලින් මේ පරීක්ෂණාගාරය සමන්විතය. එමෙන්ම ඕනෑම පරිසර තත්ත්වයන් යටතේ AC සහ DC අධි විද්යුතයන් පරීක්ෂා කිරීමේ හැකියාව වෙනුවෙන් 500 kv සහ 300 kv පහසුකම් මෙම විද්‍යාගාරය සතුය. 

Comments