2018 ආදායම කෝටි ලක්ෂ 2.2යි | සිළුමිණ

2018 ආදායම කෝටි ලක්ෂ 2.2යි

 ලබන වසරේ ට්‍රිලියන 2.2ක් හෙවත් කෝටි ලක්ෂ 2.2ක ආදායමක් බලාපොරොත්තු වන බවත් එයින් ට්‍රිලියන 1.7ක්ම එම වසරේ විදේශ ණය‍ ගෙවීම සඳහා වෙන් කළ යුතුව ඇතැයිද එයින් 84%ක්ම මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස ලබා ගත් ණය මුදල් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මේ නිසා රාජ්‍ය සේවක වැටුප් සඳහා මෙන්ම සෙසු සංව­ර්ධන වැඩ කට­යුතු සඳහා ඉතිරි වන්නේ බිලි­යන 600ක පමණ මුද­ලක් පම­ණක් බවත් ඒ මහතා කීය. ලබන මස 9 වැනිදා අය වැය ඉදි­රි­පත් කරනු ලබන බවත් තවත් වසර ගණ­නා­වක් යන­තුරු පරණ ආණ්ඩුවේ පව් ගෙවී­මට සිදු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

Comments