
මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි ඉඩම්ලාභී පවුල් 5000ක් සඳහා ස්ථිර ඔප්පු ලබා දීමට රජය තීරණය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර, ඔප්පු ප්‍රදානය මෙම මස 12 වැනිදා හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
වසර ගණනාවක් තිස්සේ මහවැලි ඉඩම් සඳහා අයිතියක් නොතිබූ මහවැලි ජනතාව වෙනුවෙන් මෙහිදී ස්ථිර ඔප්පු ලබා දීම සිදු වේ.