සුපිරි වෙ‍ෙළඳසල්වලින් සහන මිලට ආහාර ද්‍රව්‍ය | Page 3 | සිළුමිණ

සුපිරි වෙ‍ෙළඳසල්වලින් සහන මිලට ආහාර ද්‍රව්‍ය

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවම මිලකට ලබාදීම සදහා සුපිරි වෙළෙඳසල් හිමියන් සමඟ පැවැති ජීවන වියදම් කමිටුව කළ සාකච්ජාවකට අනුව ලබන සතියේ සිට සුපිරි වෙළෙඳසල් මගින් ද ආහාර ද්‍රව්‍ය අවම මිලකට ලබාදීමේ වැඩපිළිවෙළකට එම වෙළෙඳසල් හිමියන් එකඟත්වය පළ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන හාල් සිනී පරිප්පු අල ලූනු තිරිගු පිටි සහ කරවල ඇතුළු භාණ්ඩ රැසක් සදහා මේ මිල සහනය ලැබෙනු ඇතැයි ‍ඇමැතිවරයා පවසයි.මේ අතර එම ජීවන වියදම් කමිටු සාකච්ජාවේ දී සාකච්ජාවට භාජනය වූ තවත් කාරණාවක ලෙස රටපුරා ආනයනික සහල් තොග වශයෙන් මිලදී ගනු ලබන ඇතැම් පිරිස් ඒවා නැවත ඇසුරුම් කර දේශිය සහල් වශයෙන් වැඩිමිලකට අලෙවි කිරිමෙන් සහල් අලෙවි කරන බවත් ඒ සදහා පියවර ගැනීමට ඉදිරියේදී අදාළ අංශ දැනුවත් කළ යුතුබවද ඇමැතිවරයා සදහන් කරයි. 

Comments