ජලජ ජීවී වගාවට අලුතින් ඉඩම් | සිළුමිණ

ජලජ ජීවී වගාවට අලුතින් ඉඩම්

උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ජලජීවී වගාවන් සඳහා සුදුසු ඉඩම් හෙක්ටයාර දසදහසක් හඳුනා ගෙන ඇති බවත්, එම ඉඩම්වල ජලජීවී වගා ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගන්නා බවත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම ඉඩම් හෙක්ටයාර දසදහස වාණිජ මට්ටමින් ජලජීවී වගාව සඳහා ආයෝජකයින්ට ලබා දීමට කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය දිවයින පුරා කරන ලද සමීක්ෂණයකට අනුව ජලජීවී වගා කර්මාන්නයට යොදා ගත හැකි මෙම ඉඩම් හෙක්ටයාර දසදහසක් උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශවලින් හඳුනා ගෙන තිබේ.

ජලජීවී වගා ව්‍යාපෘති යටතේ මත්ස්‍ය විශේෂ ගණනාවක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර ඉස්සා, කකුළුවා, කොස්සා, මූදිල්ලා, මුහුදු කූඩැල්ලා, වැනි අපනයන මට්ටමේ මත්ස්‍ය විශේෂ හා ජලජීවීන් මෙන්ම මුහුදු පැලෑටි වගා කිරීමටත් මෙම ඉඩම් යොදා ගත හැකි බව ඇමතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් වන “ජාතික වගා සංග්‍රාමය“ වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන දියත් කෙරේ.

Comments