
ඉකුත් සිකුරාදා ඇරඹුණු ආහාර නිෂ්පාදන සංග්‍රාමය මඟින් ඉදිරි අවුරුදු තුනේදී රටේ ගොවි ජනතාවගේ ආදායම දෙගුණ කිරීමට කටයුතු කරන බවත්, පුරන් කුඹුරු අක්කර 130000ක් යළි අස්වද්දන බවත්, වැව් 1000ක් සංවර්ධනය කරන බවත් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි. මේ යටතේ උතුරු මැද පළාතේ අක්කර 10000ක පොල් පැළ ලක්ෂ 5ක් වගා කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පවසයි.
යැපුම් කෘෂිකර්මයෙන් මිදී දියුණු වාණිජ කෘෂිකර්මාන්තයක් කරා ගොවි ජනතාව නැඹුරුකරවීම ද නව සංග්‍රාමයේ අරමුණකි. කෘෂිකර්මයට සම්බන්ධ සියලු අමාත්‍යාංශ එක්වී 2020 වන විට මෙරට අපනයන ආදායම රුපියල් බිලියන 11ක් කිරීමට ද මේ මඟින් අපේක්ෂා කෙරේ.
මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල්වල 5700ක ගෙවතු ඉදිකිරීමට ද පාසල් 100ක ආදර්ශ ගොවිපළ ඉදිරිකිරීමට ද කටයුතු කෙරේ. මහවැලි අධිකාරිය මඟින් මේ ගොවි සතියට සමගාමීව මහවැලි සතිය යටතේ ගොවි පවුල් ලක්ෂයකට ඉඩම් ලබාදීමට පියවර ගැනීම සිදු වෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ අද දිනය (8) පශු සම්පත් දිනය ලෙස නම් කර තිබේ. ඒ යටතේ සියලුම පශු වෛද්‍ය කොට්ඨාසවල සත්ත්ව සායන වැඩසටහන් හා පශු සම්පත් සංවර්ධනයට අවශ්‍ය උපකරණ හා නව තාක්ෂණය හඳුන්වා දීමද සිදුකිරීමට නියමිතය.
හෙට ඔක්තෝබර් 9 වැනිදා ව්‍යවසායකත්ව දිනය වන අතර ව්‍යවසායකයන් 1500 ක් සහන ණය යෝජනා ක්‍රමයට ඇතුළත් කිරීම හා ග්‍රාම නිලධාරි වසම් 1000 ක් ඇතුළත ආහාර නිෂ්පාදනය පිළිබඳ ක්‍රියාකාරි වැඩසටහන් ක්‍රියාවට නැංවීම සිදු කෙරේ.
ඔක්තෝබර් 10 දින ධීවර දිනය වෙනුවෙන් මිරිදිය ජලාශ 100 ක් සඳහා මත්ස්‍ය පැටව් ලක්ෂ 10 ක් මුදා හැරීම ද සිදු කෙරේ. එදින ධීවරයන් 10,000 කට නව ධීවර තාක්ෂණය පිළිබඳ දැනුම්වත් කිරීම අරඹනු ඇත.
ඔක්තෝබර් 11 රාජ්‍ය සේවකයන්ගේ දිනය වන අතර ඔක්තෝබර් 12 වන දිනය දියවර දිනය ලෙස නම් කර ඇත.
ගොවි ජනතාවට තම ගොවි බිමේ නිරවුල් හිමිකම ඔප්පු මඟින් ලබාදීමත් ව්‍යවසායක ගොවි පරපුරක් බිහිකිරීමට උදව් කිරීමත් පශු සම්පත් වාණිජ ජල කළමනාකරණය දියුණු කිරීමත් මේ යටතේ සිදු කරනු ඇත.