2016 - 2017 ආපදා පාඩුව කෝටි 16,000යි | සිළුමිණ

2016 - 2017 ආපදා පාඩුව කෝටි 16,000යි

 2016 වසරේ හා 2017 වසරේ මැයි මස ශ්‍රී ලංකාවට සිදු වූ ආපදා තත්ත්වය නිසා රටට වූ මුළු පාඩුව රුපියල් කෝටි 16,000ක් බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන ඒකාබද්ධව සකස් කළ ශ්‍රී ලංකාවේ ආපදා පිළිබඳ හානි තක්සේරුව වාර්තාව (PDNA) මඟින් හෙළි කර ඇත.

2016 වසරේ සිදුවූ ගංවතුර නායයෑමේ මඟින් සිදු වූ හානිය පිළිබඳව වාර්තාව දැන් එළිදක්වා ඇති අතර 2017 වාර්තාව ඉදිරි මාස 6 ඇතුළත එළිදැක්වීමට නියමිතය.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර අධ්‍යක්ෂ විශාඛා හිදැල්ලගේ මහත්මිය පවසන්නේ තිරසාර නොවන අවිධිමත් සංවර්ධන කටයුතු හා ආපදා අවම සංවර්ධනයකට පුහුණු නොකිරීම නිසා මෙම ආපදා ඇතිවෙන බවයි. එමෙන් ම පෞද්ගලික හා රජයේ ප්‍රදේශවල විවිධ ව්‍යාපෘති සිදුකිරීමේදී පරිසරයට වන හානිය පිළිබඳව අවධානය යොමු කිරීම අඩු බව විශාඛා හිදැල්ලගේ මහත්මිය පවසන්නීය.

මේ අතර මේ අලාභ හානිවලින් සියයට 50 කට වැඩියෙන් සිදුවී ඇත්තේ ගොඩනැඟිලි හා නිවාස සම්බන්ධයෙන් බවද එම වාර්තාව ගෙන හැර දක්වයි. 

Comments