
පොල් මිල ඉහළ දමන කළු කඩකාරයන්ට එරෙහිව ජනතාවට සහන මිලට පොල් ලබාදීමට රජය හෙට සිට (2) කටයුතු කරයි. වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ මඟ පෙන්වීමට අනුව පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් දීප ව්‍යාප්තව මේ කටයුත්ත සිදු වේ. මෙහිදී පොල් මිල නිසා පීඩාවට පත් වී සිටින පාරිභෝගිකයන්ට සහන මිලට පොල් ලබාදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට උදේ 10 පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් ආරම්භ වේ.
මෙය දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ජංගම රථ මඟින් මේ බෙදා හැරීමේ කටයුත්ත සිදු කිරීමට නියමිතය. මේ අනුව පොල් ගෙඩියක් රුපියල් හැටපහක් වැනි මිලකට බෙදා හැරීම සිදු කරයි.
පොල් මිල රුපියල් සීයක් දක්වා ඉහළ නංවමින් රජය අපහසුතාවට පත් කිරීමට කළුකඩ ඇතුළු ඇතැම් පිරිස් ගත් උත්සාහය වළක්වාලීමට හැකි වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසයි