
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ පෙර පාසල් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ ඒකකය හා ඒ හා අනුබද්ධ වත්තල එකමුතු පෙර පාසල් ගුරු සංසදය එක්ව සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම පසුගියදා වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මේ සඳහා සිඟිති දූ දුරුවන් 2000 අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර පෙර පාසල් ගුරුවරු, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්වුහ.
ප්‍රධාන අනුග්‍රහයමේ සඳහා ඒ.අයි.ඒ රක්ෂණ සමාගම දැරූ අතර ඇන්කර්,මංචි ආයතන සම අනුග්‍රහය දැක්කුවේය. මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනය හා අතුරුමිතුරු පුවත්පත ලබාදුන්නේය. මේ අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ පෙර පාසල් ඒකකයේ වත්තල කොට්ඨාසය භාර සංවර්ධන නිලධාරී ලක්ෂාන් මදුරංග, ලේක්හවුස් ආයතනයේ අතුරුමිතුරු කර්තෘ චාම් නිර්මාණ් ජලයත්, කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, ප්‍රීතිමන් සන්ධ්‍යා මහත්වරුන්, පෙර පාසල් ඒකකයේ මිනුවන්ගොඩ, කැලණිය, දොම්පේ භාර සංවර්ධන නිලධාරීන්, වත්තල පෙර පාසල් ගුරු සංසදයේ ගුරුවරුන්,දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.-
ඡායාරූප සුදේශ් ජයසූරිය