වකුගඩු රෝගීන්ට කාන්දුපෙරණ යන්ත්‍ර | සිළුමිණ

වකුගඩු රෝගීන්ට කාන්දුපෙරණ යන්ත්‍ර

 දැනට වකුගඩු රෝගය සඳහා පවතින රුධිර කාන්දුපෙරණ තදබදය වැළැක්වීමේ අරමුණින් ලබන වසර

අවසාන වන විට දිවයින පුරා රෝහල් වල රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.මේ වන විට දිවයින පුරා රෝහල්වල රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 450ක් ඇති අතර ජාතික රෝහලේ ඇත්තේද කාන්දුපෙරණ යන්ත්‍ර 30 කි. එයින් වසරකට රුධිර කාන්දුපෙරණ 15,000 ක් සිදුවෙයි.

එසේම ඉන්දීය සමාගමක් විසින්ද මෙම යන්ත්‍ර 900 ක් ශ්‍රි ලංකාවට ගෙනැවිත් ස්ථාපිත කිරීමටද අදහස් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සාර්ථක වුවහොත් තවත් යන්ත්‍ර 900 ක් පිහිටුවා රෝගී ජීවිත ආරක්ෂා කර ගැනීමටද බලාපොරොත්තු වෙයි. මේ වන විට මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා පුහුණු හෙදියන් සංඛ්‍යාව වැඩි කර ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. 

Comments