
මෙරට හොර සුරා වැටලීමට ඉදිරියේදී හදිසි වැටලීම් ඒකක තව ශක්තිමත් කරන බවත් රට පුරා ඇති නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර වැටලීමට කාර්යක්ෂම නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත් නව සුරා බදු කොමසාරිස් ජනරාල් කේ. හෙලන්, ඒ. මීගස්මුල්ල මහත්මිය පැවසුවා ය.
දැනට හදිසි වැටලීම් ඒකකයේ සිටින 31 දෙනා හා ප්‍රධානියා ධෛර්යවත් කිරීමට තමා උදවු ලබාදෙන බවත් මීගස්මුල්ල මහත්මිය පවසන්නීය.
නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තරා තිරම නොබලා අත්අඩංගුවට ගැනීමටත්, නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනවලට හා සුරාසැල්වලදී නිවැරැදිව සුරා බදු අය කිරීමත් මහජන පැමිණිලි අනුව හදිසි වැටලීම් කිරීමත් ඉදිරියේදී දෙපාර්තමේන්තු කටයුතු ප්‍රතිසංවිධානය කරන බවත් මීගස්මුල්ල මහත්මිය පවසන්නීය.
වසර 32 ක රාජ්‍ය පරිපාලන සේවයේ පලපුරුද්ද නිපුණතාව අනුව මෙරට හොර සුරා මැඩීමට හා රජයට දැනට වඩා වැඩි ආදායම් ලබාදීමට කටයුතු කරන බවත් නව සුරා බදු කොමසාරිස්වරිය පවසන්නීය. ඒ මහත්මිය සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවක් 51 පිටුවේ පළවේ.