
අධ්‍යාපන අමාත්‍යංශය පසු ගිය දා හඳුන්වා දුන් නව වෘත්තීය විෂය ධාරාවේ නියමු ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක වේ. මේ සඳහා දිස්ත්‍රීක්ක සියල්ල ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 42කින් සිසුන්
5000කට මෙම නව විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ හැදෑරීමට අවකාශය ලැබේ.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ආරම්භ කරන ලද 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වන වෘත්තීය විෂය ධාරාව හැදැරීමෙන් සිසුන්ට NVQ 4 මට්ටමට සමාන වූ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබේ.