
මේ වසරේ මුල් මාස නමය නිමා වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් කෝටි 7300 දක්වා ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත් වී තිබේ.
වසර 2016 දි එක්සත් ජනපද ඩොලර් කෝටි 6000 ක් වූ විදෙස් සංචිතය ඩොලර් කෝටි 1300කින් වැඩි කර ගැනීමට මහ බැංකුව සමත්වී තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.
වසර 2015 මුල වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 10 - 15% අතර ප්‍රතිශතයකින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල් මේ වන විට 2% ක ප්‍රතිශතයකින් අවප්‍රමාණය වන මට්ටමට පහත දමා ගැනීමට හැකි වී ඇති බවද අධිපතිවරයා කීය.