ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී ශ්‍රී ලංකාව කිසිදු ආකාරයක සන්ධීය රාජ්‍යයක් ලෙස අර්ථ දක්වා නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි. මෙවර සංශෝධනයේදී පළාත් සභාවලට අසීමිත බලතල පවරා නැති බවත් 'බුද්ධාගම ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීමත් රජය සතුයි' යන්න එලෙසින්ම පවතින බවත් ඔහු පවසයි.
සන්ධීය යනුවෙන් දැක්වෙන ආකාරයේ කිසිදු ලක්ෂණයක් අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට ඇතුළත් කර නැති බවත් සන්ධීය හෙවත් පෙඩරල් ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණයක් වන පරමාධිපත්‍යය බෙදා තිබීමේ කිසිදු ලක්ෂණයක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නැති බවද ඒ මහතා කීය.