
සියලු පාසල්වලට ඉදිරි වසර තුළ ලී ඩෙස් බංකු පුටු වෙනුවට පොලිමර් වර්ගයේ ඩෙස් බංකු පුටු ලබාදීමටත්, ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙනුවට සෑම පාසලකටම ලැප්ටොප් යන්ත්‍රයක් ලබා දීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි. මේ වන වට භාවිත කරන ඩෙස් බංකු සෑදීම සඳහා ගස් විශාල සංඛ්‍යාවක් කැපීමට සිදු වීමත්, ඒවා නිතර කැඩී යෑමත් යන කාරණා මුල් කරගෙන වසරක් තුළ ලංකාවේ සියලු පාසල්වල ශ්‍රේණි 4කට මේ පොලිමර් වර්ගයේ ඩෙස් බංකු පුටු ලබා දීමට නියමිතය. ඉන් අනතුරුව අනිකුත් පන්ති සඳහාද ලබා දෙන බව අධ්‍යාපන ඇමැතිවරයා පැවැසීය. මේවා මිල දී ගැනීමට යන්නේ දැනට භාවිතා වන ලී ඩංකු පුටුවලින් අඩකටත් වඩා අඩු මුදලකි.
එසේම මේ වසර තුළ 6න් සියලු පාසල්වලට නව ලැප්ටොප් යන්ත්‍රය බැගින් ලබා දෙන අතර, මේවා මිල දී ගන්නේ කුලී පදනම මතයි. දැනට භාවිත වන පරිගණක නිතරම කැඩී බිඳී යන නිසා මෙසේ කුලී පදනම මත ලබාගන්නා අතර, ඉන් පසු තොරතුරු තාක්ෂණ විෂයයද අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.