පාසල් තරගයට තිත | සිළුමිණ

පාසල් තරගයට තිත

ජනප්‍රිය පාසල් තරගය නිමා කිරීමේ අරමුණ ඇතිව පාසල් තදබදය උග්‍රව පවතින පළාත්වල සියලු පහසුකම් සහිත නව පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත නව ඉඩම්වල ඉදි වන මේ පාසල් කොළඹ ජනප්‍රිය පාසල්වල තිබිය යුතු සියලු පහසුකම් ඇතිව ඉදි කෙරේ.

මේ වන විට ජනප්‍රිය පාසල් තදබදය වැඩියෙන්ම පවතින කොළඹ, මහනුවර, කුරුණෑගල හා මාතර යන පළාත්වල මේ පාසල් මුලින් ඉදි කිරීමට නියමිත අතර, පසුව නිර්ණායක මත මෙම වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක වේ. මේ වන විටත් ඒ සඳහා වූ කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. දැනට තිබෙන පාසල් 10353ට අමතරව රුපියල් මිලියන 1000ක වියදමින් කුරුණෑගල නව පාසලක් ආරම්භ කිරීමට මේ වන විටත් මුල්ගල් තබා ඇති අතර, සියලු පහසුකම් සහිතව වසරක් තුළ මේ පාසල නිම කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. 

 

Comments