
පසුගිය වසර 2 1/2 ඇතුළත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 457000 ක් පමණ විදේශ ගතවී ඇති බවත් ඉන් සියයට 34 ක් කාන්තාවන් බවත් අධිකරණ හා විදේශ කටයුතු ප්‍රවර්ධන ඇමැති තලතා අතුකෝරල මහත්මිය පවසයි.
2017 වසරේ මුල් මාස 8 ඇතුළත ශ්‍රමිකයන් 141725 ක් විදේශ ගතවී ඇති අතර වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඒ ප්‍රමාණය 42389 කි. 2017 දි පිරිමි 93351 ක් විදේශ ගතවී ඇති අතර කාන්තාවන් 48374 ක් විදේශ ගතවී තිබේ. අඩු ශ්‍රමිකයින් ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ ඌව පළාතෙන් වන අතර, එම ප්‍රමාණය 3,994 කි. මෙම කාලය තුළ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයටයි. මෙම කාලසීමාව තුළ ගෘහ සේවිකාවන් 37,002 ක් විදේශ ගතවී තිබේ.
2016 වර්ෂයේදී විදේශ ගතවූ මුළු ශ්‍රමිකයින් ප්‍රමාණය 242,838 වන අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 160,320 කි. ඉන් කාන්තා ශ්‍රමිකයින් ප්‍රමාණය 82518 කි. ඒ අනුව, පිරිමි ශ්‍රමිකයින්ට සාපේක්ෂව කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම 33.9% කි. එම වර්ෂයේදීත් වැඩිම කාන්තා හා පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රමාණය 64,901 කි. 7,305 ක් වන අඩුම ශ්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ ඌව පළාතෙනි. වැඩිම ශ්‍රමිකයින් ප්‍රමාණයක් රැකියා සඳහා යොමුවී ඇත්තේ සෞදි අරාබියටයි. එම ප්‍රමාණය 63,307 කි.
2015 වර්ෂයේ ගෘහ සේවිකාවන් 73,226 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, 2016 වර්ෂයේ එම ප්‍රමාණය 65,023 කි. එසේම අනෙකුත් වෘත්තීමය රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් ප්‍රමාණයද වැඩිවී තිබේ. ඒ අනුව 2015 වර්ෂයේ වෘත්තිමය රැකියා සඳහා කාන්තාවන් 17,429 ක් විදේශ ගතවී ඇති අතර, 2016 වර්ෂයේදි 17,495 ක් වෘත්තිමය රැකියා සඳහා යොමුවී තිබේ.