
අප රටේ තවමත් පළාත් 5ක පමණ නියඟය නිසා පුද්ගලයන් ලක්ෂ 23 ක් පීඩාවට පත්වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අයට වියළි ආහාර සලාක සහන හා පිරිසුදු පානීය ජලය ලබාදීමට ආපදා සහන සේවා මධ්‍යස්ථානය සියලු කටයුතු යොදා තිබේ.
ඒ අයට සහනාධාර ලෙස රුපියල් කෝටි 350 කට අධික වටිනාකමක් ඇති වියළි සලාක හා රුපියල් ලක්ෂ 350 ක අධික වියදමින් පානීය ජලය ලබාදී ඇති බවත් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ දුමින්ද පතිරාජ මහතා පවසයි.
මේ අයට පිරිසුදු පානීය ජලය ලබාදීමට ජල ටැංකි 10500 ක් නියඟය පවතින ප්‍රදේශවලට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ලබාදී තිබේ. ඒ අනුව ලීටර් 1000 ජල ටැංකි 4000 ක්ද ලීටර් 5000 ජල ටැංකි 34 ක්ද ලබාදී ඇතැයි දුමින්ද පතිරාජ මහතා පවසයි.
මීට අමතරව පිරිසුදු ජලය ප්‍රවාහනය සඳහා ජල ට්‍රැක්ටර් බවුසර 350 ක්ද ලබාදී ඇත.