
රට බතින් බුලතින් ස්වයංපෝෂිත කිරීම අරමුණු කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන මෙවර වගා සංග්‍රාම සතිය ඔක්තෝබර් 5 සිට 12 දක්වා දීප ව්‍යාප්තව පැවැත්වේ.
ඒ යටතේ 5 වැනිදා සමාරම්භක පූර්ව ආගමික කටයුතු අනුරාධපුරයේදී හා දඹුල්ලේදී ඇරැඹෙන බව කෘෂිකර්ම මාධ්‍ය ඒකකය පවසයි.
5 වැනිදා රාත්‍රි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය කලාවැව වැව් තාවල්ලේදී පවත්වන අතර ඔක්තෝබර් 6 වැනිදා ගොවි දින සැමරුම් උලෙළ පැවැත්වේ.
වගා සංග්‍රාම සතියේ ප්‍රධාන උත්සවය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වන ජාතික වප් මඟුල් උලෙළ කැකිරාව තිබ්බටුවාව වෙල්යායේ දී 8 වැනිදා පෙරවරුවේ පැවැත්වේ.
වගා සංග්‍රාම සතියේ ඔක්තෝබර් 7 දින අධ්‍යාපන දිනය ලෙස ද 8 වැනිදා පශු සම්පත් දිනය ලෙස ද නම් කර ඇත.
මෙම සියලු වැඩසටහන් ජනාධිපති කාර්යාලය සමඟ කෘෂිකර්ම, මහවැලි හා පරිසර අමාත්‍යාංශ මෙහෙයවන අතර මේ වැඩපිළිවෙළ රට පුරා දීප ව්‍යාප්ත ලෙස සිදු කිරීමට ගොවිජන සේවා මධ්‍යස්ථානවල හා ගොවි සංවිධානවල පූර්ණ සහාය ද ලබා ගනු ඇත.
මේ අනුව 9 වැනිදා ව්‍යවසායකත්ව දිනය වන අතර 10 වැනිදා ධීවර දිනය වේ. 11 වැනිදා රාජ්‍ය සේවක දිනය ලෙසත් 12 වැනිදා දියවර දිනය ලෙසත් විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.