
හිටපු අග්‍රාමාත්‍ය දිවංගත ඇස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතාගේ 58 වැනි ගුණ සැමරුම් උත්සවය 26 වැනි දා (අඟහරුවාදා) පෙව 8.30ට අත්තනගල්ල හොරගොල්ල සමාධිය අබියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, සුනේත්‍ර බණ්ඩාරනායක මහත්මිය සහ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු ශ්‍රීලනිප මැතිඇමැතිවරුන් රැසක් සහභාගි වීමට නියමිතය.