ශ්‍රී ල.නි.ප. 66 වැනි සංවත්සරය අද | සිළුමිණ

ශ්‍රී ල.නි.ප. 66 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සර මහ සභාව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කොළඹ දී මුළු දෙයි.

දිවයිනේ සතර දෙසින් පැමිණෙන දස දහස් සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සංවත්සර මහ සභාව කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී සවස දෙකට ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංවිධානය, ශාඛා සමිති සාමාජිකයන්, නිලධාරින්, බල මණ්ඩල නියෝජිතයන්, ආසන සංවිධායකයන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සෑම සංවිධානයක ම නියෝජිතයෝ 66 වැනි සංවත්සර මහ සභාවට සහභාගි වෙති.

සෑම ජනකොටසක් ම ඒකරාශි කැර ගනිමින් ඒ සියලු දෙනාට පොදු ප්‍රතිපත්තියක් තුළ පක්ෂය මෙහෙයවීමේ අනාගත වැඩපිළිවෙළ පිළිබඳ පක්ෂයේ  සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කරුණු පැහැදිලි කරනු ඇත.

දූෂණය, වංචාව, හොරකම, නාස්තිය හා පවුල් වාදයෙන් අපිරිසුදු වූ මේ ර‍ෙට් දේශපාලනය නැවත පිරිසුදු කිරීමේ අභියෝගය පිළිබඳ මෙහිදී අවධාරණය කෙරෙනු ඇත. ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත සංවත්සර මහ සභාවක් මෙන් ම ගුණාත්මක, හරවත් හා තීරණාත්මක සංවත්සරයක් මෙවර පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පැවසීය. 

Comments