
තුනී පොලිතින්, සිලි සිලි බෑග් ලන්ච් සීට් තහනම අනිවාර්යයෙන් ම ලබන පළමුවැනිදා සිට ක්‍රියාවට නංවන බවත් එය ජූලි 11 වැනිදා හා අගෝස්තු 22 වැනිදාත් කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවත් පාරිසරික හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත දිසානායක මහතා පවසයි.
මීට අදාළ ගැසට් පත්‍රය සැප්තැම්බර් 1 වැනිදා නිකුත් කරන බවත් ඒ අනුව දිරන පොලිතින් නිපදවීමට අවශ්‍ය උපදෙස් දැනටම නිකුත් කර ඇති බවත් දිසානායක මහතා පවසයි.
මේ අතර මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පරිසර දූෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය) අනුර ජයතිලක මහතා පවසන්නේ පොලිතින් තහනම අනුව විකල්ප නිපැයුම් ඉදිරියෙහි ජනප්‍රිය කිරීමට පියවර ගන්නා බවයි. දැනට සිලි සිලි බෑග් නොමිලේ ලබාදෙන බැවින් විකල්ප ජනප්‍රිය කිරීමට අපහසු වී ඇති බවයි.
මේ පොලිතින් සිලි සිලි බෑග් හා ලන්ච් සීට් තහනම උල්ලංඝනය කරන ඕනෑම අයකුට විරුද්ධව තරාතිරම නොබලා දඬුවම් දීමට සිදුවන බව ද අනුර ජයතිලක මහතා පවසයි.