
දුම්රිය දෙපාර්තමේන්තුවට නව දුම්රිය එංජින් හා බලවේග කට්ටල දුම්රිය ලබාගැනීමට ලද කැබිනට් අනුමැතියට අනුව ටෙන්ඩර් කැඳවා දුම්රිය එංජින් හා බලවේග කට්ටල ලබාගැනීමට කටයුතු කර ඇතත්, එම සමාගම් අනුමත මුදලට එකඟ නොවීමේ සිද්ධියක් නිසා මේ වන විට එම දුම්රිය සහ එංජින් ලබාගැනීම දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.
මේ වන විට ධාවනයේ ඇති බොහෝ දුම්රිය එංජින් මෙන්ම මැදිරි දැඩි අබලන් තත්ත්වයේ පවතින අතර, වසර 64ක් පමණ පැරැණි දුම්රිය එංජින් මෙන්ම ධාවනයට කිසි සේත්ම නුසුදුසු දුම්රිය මැදිරිද ධාවනයට එක් කර ඇත.
එය මඟී ජීවිතවලට දැඩි තර්ජනයක් වන අතර, කඩිනමින් දුම්රිය මැදිරි සහ දුම්රිය එංජින් ආනයනයට කටයුතු නොකළ හොත් අදාළ මුදල් යළිත් මහා භාණ්ඩාගාරයට යෑමට නියමිතය. මීට පෙරද දුම්රිය එංජින් ලබාගැනීමට වෙන් කළ මිලියන 3000ක මුදලක් යළිත් භාණ්ඩාගාරයට යැවිණි.