
දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (තාක්ෂණ) එස්. එම්. අබේවික්‍රම මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් පත් කර ඇත.
වසර 16ක කාලයක් රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයා ලෙස කටයුතු කළ ඒ මහතා දුම්රිය සේවයේ වසර 30කට අධික කාලයක් සේවා කාලයක් සපුරා ඇති ඉංජිනේරුවරයෙකි. දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරය දැරූ බී.ඒ.පී. ආරියරත්න මහතා පසුගිය 25 වැනිදා සිකුරාදා විශ්‍රාම ගියේය.