ජාතික ආණ්ඩුව විසින් සිදු කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කිරීමට මෙන්ම ජනතාවගේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන නිලධාරීන් මාරු කර යවා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට ඌව පළාත් සභාව විසින් කටයුතු කිරීම නිසා ඌව පළාත තුළ සංවර්ධන ක්‍රියාවලියේදී මෙන්ම ඩෙංගු මර්දනය ඇතුළු රාජකාරි කටයුතු සියල්ල අඩපණ වී ඇතැයි වාර්තා වේ.
පළාත් සභාවේ කටයුතු නීත්‍යනුකූලව සිදු කරන ලද නාගරික කොමසාරිස්වරයා 1 ශ්‍රේණියේ නාගරික කොමසාරිස්වරියක සිටින බණ්ඩාරවෙලට මාරු කිරීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් මේ වන විට පළාත් සභාවේ දැඩි අර්බුදයක් හටගෙන තිබේ.
ඩෙංගු මර්දන ව්‍යාපාරයට මෙන්ම භූගත උමං මාර්ග ව්‍යාපෘතියටත් සෙසු රජයේ සංවර්ධන වැඩ කටයුතුද අකුරට සිදු කරන ලද නාගරික කොමසාරිස්වරයා මාරු කර යවා ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශයෙන් බණ්ඩාරවෙලට 1 ශ්‍රේණියේ නාගරික කොමසාරිස්වරයක පැමිණීමෙන් පසු වන අතර, බදුල්ල නාගරික කොමසාරිස්වරයාට තම බලතල 3 ශ්‍රේණියේ නිලධාරියකුට පවරන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වේ.
මීට අමතරව රජයේ ගමන් මඟට හා ජනතා සේවයට කටයුතු කරනු ලබන නිලධාරීන් මාරු කිරීමට එරෙහිව බදුල්ල නගරයේදී ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණ ඇරැඹීමට නියමිත අතර එමඟින් රජය අපහසුතාවට පත් කිරීම පළාත් සභාවේ ලොකු පුටුවල අරමුණ වී තිබෙන බවත් එමඟින් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම ඔවුන්ගේ උත්සාහය බවත් වාර්තා වේ.