දිනකට කුණු මෙට්‍රික් ටොන් 10,000ක් | සිළුමිණ

දිනකට කුණු මෙට්‍රික් ටොන් 10,000ක්

මෙරට දිනකට එකතුවෙන කුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10,000 කට වැඩි බව රාජ්‍ය නොවන සංවිධාන මඟින් කළ අලුත් ම ගවේෂණයකින් හෙළිවෙයි. ඉන් සියයට 25ක් පමණ පොලිතින් හා ප්ලාස්ටික් බවද අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව කරුණු දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසන්නේ සමහර දිනවල මෙරට එකතුවන කුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 15,000 ඉක්මවන අවස්ථා ද තිබුණු බවයි.

මීට අමතරව එක් දිනකදි බස්නාහිර පළාතේ පමණක් කුණු කසළ ටොන් 6500 ක් එකතු වන බවද මේ සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාව වසරකට ටොන් මිලියනයක පමණ කැලිකසළ ප්‍රමාණයක් නිපදවන බවත් මින් සියයට 40ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේ හි ජනිත වන බවත් හේමන්ත විතානගේ පවසයි.

මේ ගැටලුවට විසඳුම කුණු කසළ ලක්ෂ ගණන් වැය කර කුණු කසළ අරුවක්කාලුවලට ගෙන යාම නොව නිවසේදී ම ජනිත වීම අඩුවීම හා නැවත පාවිච්චියට යොමුවීම බවද ඒ මහතා පවසයි.

Comments