
දශක ගණනාවක සිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කර තිබූ ඉඩම් ඔප්පු ගැටලුව නිරාකරණය කර සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු කටයුතු සහ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
මේ යටතේ හඳුනාගත් ඉඩම් දශ ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට සින්නක්කර ඔප්පු හිමිවන බව ප්‍රකාශකළ අමාත්‍යවරයා මේ ඉඩම්වල අයිතිය නොලැබීම නිසා ජනතාව වසර ගණනාවක් පීඩාවට පත්ව සිටිබවත් එම ඉඩම් ලබාදීම රජයේ මැතිවරණ පොරොන්දු ඉටු කිරීමක් බවත් ප්‍රකාශ කළේය.
මෙහිදී ඇතැම් ඔප්පුවල තිබූ කොන්දේසි පවා ලිහිල්කර ජනතාවට අයිතිය ලබාදීමට කටයුතු කිරීම සුවිශේෂ බව ද අමාත්‍යවරයා පැවසුවේය.