සිරිලිය වාහන ගැන පරීක්ෂණ | සිළුමිණ

සිරිලිය වාහන ගැන පරීක්ෂණ

 ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගේ මූලිකත්වයෙන් පවත්වාගන ගිය ‘සිරිලිය සවිය‘ කාර්යයන්ට යොදා ගෙන තිබූ බව‍ට වාර්තා වන ගිලන් රථයක් හා බස් රථයක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට නීතිපතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

‘සිරිලිය සවිය‘ සතුව තිබූ ඩිෆෙන්ඩර් වරගයේ රථයක් පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙන අතර, ගිලන් රථයක් හා බස් රථයද යම් කිසි නීති විරෝධී ක්‍රියාවන්ට යොදා ගත්තේ දැයි යන්න පිළිබඳව විමර්ශනය කෙරෙනු ඇත.

ඩිෆෙන්ඩර් රථය හා සම්බන්ධ පරීක්ෂණ වලින් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් හෙළිකරගත් කරුණු සම්බන්ධව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ යෝෂිත රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැදවා තිබුණත් ඔවුන් දෙදෙනාම ‍ නොපැමිණි අතර ඉදිරි දිනක පැමිණෙන බව දන්වා ඇත. 

Comments