
යාන්ඔය ව්‍යාපෘතිය භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණයේ දී ක්‍රිස්තු පූර්ව 3 සියවස සිට ක්‍රි.පූ. 9 වැනි සිය වස කාලයට අයත් සුසාන භූමියක් හමු වී ඇති බව පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා පවසයි. මෙතෙක් ලංකාවෙදී හමුවී ඇති ඉපැරණී ම සුසානය මෙය විය හැකි යැයි සැලැකෙන අතර එය අක්කර දහයක් පුරා ව්‍යාප්තව පවති.
මේ සුසාන භූමිය විජයාගමනයට පෙර යුගයට අයත් බවත් එකල මෙරට තාක්ෂණය ඉතා උසස් මට්ටමක පැවැති බවත් හඳුනාගෙන තිබේ. මේ සුසානයේ කැණීම් සිදුකෙරෙමින් පවතින අතර මහා ශිලා යුගයේ සුසාන ලෙස හඳුනාගෙන ඇති මේ සුසානය දඹුල්ලෙන් හමු වූ එම යුගයට අයත් සුසානයන්ට වඩා පැරණි බව තහවුරු වී ඇත.