අනාගත පරපුර මතින් නිදහස් පුද්ගලයින් කරගැනීම උදෙසා අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ඇරඹුන ‘මතින් නිදහස් රටක්’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා රාජමහා විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින්, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන් විදුලිය හා ආගමික වැඩසටහන් අංශය ඉදිරිපත් කරන ‘දැහැමි පරපුරක්, මතින් නිදහස් රටක්’ වැඩසටහන සෑම පුර පසළොස්වක පොහොය දිනකට පස්වරු 2.00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය කෙරේ.
අස්ගිරි මහා විහාර, සිරි දළදා දහම් පාසලේ පැවති මෙම වැඩසටහන අගෝස්තු 07 වැනිදා, නිකිණි පුර පසළොස්වක පොහෝ දා පස්වරු 2.00 ට ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය කෙරේ.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අනුග්‍රහයෙන් සහ එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්තකුමාර කිතලවආරච්චි මහතාගේ මඟ පෙන්වීමෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේ නිෂ්පාදනය සහ සම්බන්ධීකරණය විදුල ළමා ගුවන් විදුලියේ ප්‍රධානි සුභානි වැලිවිට මහත්මියගේ වන අතර නිවේදක ලෙස කටයුතු කරන්නේ ප්‍රියදර්ශන සමන්කුමාර මහතායි.