
ඉන්දියාව පසුගියදා තම දා හතරවැනි ජනාධිපතිවරයා තෝරා පත් කරගත්තේය. එහිදී ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනා අතරින් ජනතාව වැඩි කැමැත්තක් දැක්වූයේ රාම් නාත් කෝවින්ද්ටය. ඉන්දියාවේ ජනාධිපති තෝරා පත් කරගන්නා ආකාරය අනුව සම්පූර්ණ ඡන්ද විද්‍යාල සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවක් දිනාගැනීමට කෝවින්ද් සමත් විය.
කෝවින්ද්ගේ ජයග්‍රහණය තවත් ඉන්දීය දේශපාලනයේ පැතිකඩක් ලොවට විවර කර පෙන්වූයේයැයි පැවසිය හැකිය. ඉන්දියාව යනු කුල භේදය ඉතා තදින් පවතින රටකි. ලෝකයේ සෙසු රටවල වර්ණ භේදවාදය, ආගම්වාදය පවතින විට ඉන්දියාව හිසේ තියාගෙන යන්නේ කුලභේදයයි. දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට කුලභේදය ව්‍යාප්ත කළ රෝග වාහකයා වූයේද ඉන්දියාවය. අතීතයේ ඉන්දියාවේ උසස්යැයි සම්මත කුලවලට අයත් වූ ජනයා පහත්යැයි සම්මත කුලවලට අයත් ජනතාව ස්පර්ශ කිරීමෙන් පවා වැළකී සිටියහ. ඔවුන් පිළියෙල කළ කෑම කිසි ලෙසකින් හෝ අනුභව නොකළහ. ඇතැම් අවස්ථාවලදී පහත්යැයි සම්මත වූ කුලවල ජනතාවට තමන් මාර්ගයේ ගමන් කරන බව සෙස්සන්ට දැන්වීමට නොයෙකුත් ක්‍රම පවා යෙදීමට සිදු වූයේ යම් හෙයකින් ඔවුන් ස්පර්ශ වුව හොත් උසස්යැයි සම්මත කුලවල ජනතාව වහා ස්නානය කළ බැවින් ඔවුන්ගෙන් එල්ල වූ බාධා හේතුවෙනි.
අතීතයේ මේ කුලභේදය නැති කිරීමට මහාත්ම ගාන්ධි, ආම්බෙඩ්කර් වැනි දාර්ශනිකයන් මෙන්ම රබීන්ද්‍රනාත් ඨකූර් වැනි සාහිත්‍යධරයන්ද මහත් වෙහෙසක් ගත් බව සඳහනි. එහෙත්, ඔවුන් කොතෙක් වෙහෙස ගත්තද මේ කුලභේදය නැති කරගත්තේ ඉන්දියාව නොවේ.
කෙරේ මේ වන විට ඉන්දියාව තම කුලභේදය දේශපාලනික වාසි ලබාගැනීමට ඉත්තකු කරගෙන ඇති අන්දම පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මොනවට දිස් විය.
ඒ දාලිත් හෙවත් අතිශයින්ම පහත්යැයි සම්මත කුලයට අයත් වූ රාම් නාත් කෝවින්ද් ජනාධිපති ලෙස තේරී පත්වීමත් සමගිනි. කෝවින්ද් අපේක්ෂකත්වය හෙබවූයේ වර්තමානයේ බලයේ සිටින භරතීය ජනතා පක්ෂයෙනි. ඔහු දේශපාලන පසුබිමකින් පැමිණියද සැබවින්ම ඔහුගේ අපේක්ෂකත්වය මගින් ඉලක්ක කර තිබුණේ පහත්යැයි සම්මත කුලයේ ජයග්‍රහණය ඉස්මතු කිරීමය.
එහෙත් ඊට සාපේක්ෂව පහත්යැයි සම්මත කුලවලට අයත් ජනතාවගේ අවධානය තමා වෙත නතු කරගැනීමට කොංග්‍රසයද කටයුතු කර තිබුණේ මයිරා කුමර් තම අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කරමිනි. ඇය අයත් වූයේද දාලිත් කුලයටය. ඒ අනුව මෙවර පැවතියේ දාලිත් කුලයට අයත් අපේක්ෂකයන් දෙදෙනකු අතර තරගයකි.
මීට පෙර ප්‍රථම වරට දාලිත් කුලයේ ආර්කේ නාරායනන් ඉන්දීය ජනපති ලෙස තේරී පත් වූ අවස්ථාවේ බොහෝ දෙනා උදම් ඇනුවේ මහත්මා ගාන්ධිගේ අභිලාශය ඉෂ්ට වූයේ දැන්යැයි කියමිනි. එහෙත් නාරායනන්ගේ ධූර කාලයේදී පවා කිසිදු අඩුකුල සාමාජිකයකුට සමතැන් හිමි වූයේ නැති අතර, කුලභේදය ඉන්දියාව පුරා එලෙසින්ම පැවතිණිි.
කෝවින්ද්ගේ ඉන්දියාවේද තත්ත්වය එසේම වනු ඇති බවට කිසිදු තර්කයක් නැත. ඊට හේතුව වන්නේ මෙවර ජනතාව තම කැමැත්ත පළ කර ඇත්තේ අඩුකුල ඉන්දීය ජාතිකයකුට නොව අගමැති මෝදිට බව ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී යන බැවිනි. අනෙක් අතට ඉන්දියාවේ සැබෑ පාලකයා වන අගමැතිවරයා තවමත් අඩු කුලයකින් තෝරාගැනීමට ඉන්දීය ජනතාව සූදානම් නැති බැවිනි.