![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/07/28/coldig11300071114540103_5880167_28072017_EMT_CMY.jpg?itok=YS1qK05L)
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා 2016 සම්මාන උලෙළ 18 වැනි වරටත් පසුගියදා ( 25) ගල්කිස්ස මහ හෝටලයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙරට මුද්‍රිත මාධ්‍යයෙහි වෘත්තීය භාවයට පිළිගැනීමක් ලබාදීමට වාර්ෂිකව අංශ 14 ක් ඔස්සේ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කිරීම මෙහි දී සිදු කෙරිණි.
එහිදී සිළුමිණ පුවත්පතේ ප්‍රධාන උප කර්තෘ තාරක වික්‍රමසේකර මහතාට 2016 වසරේ හොඳම ගවේෂණාත්මක මාධ්‍යවේදියා ලෙස සම්මාන ලැබිණි. ඒ මහතා එම සම්මානය ‘එක්ස්ප්‍රස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හනා ඊබ්‍රහිම් මහත්මිය අතින් ලබාගත් අවස්ථාවයි මේ.
මීට අමතරව හොඳම වෙබ් ජාලය සඳහා දිනමිණ හා ඩේලිනිවුස් වෙබ් ජාල ක්‍රියාකාරිකයෝ ද සම්මාන ලැබූහ.
සේයාරූ - ශාන් රඹුක්වැල්ල
චමින්ද නිරෝෂණ