කොටගල සමුහ පොන් අරුණාචලම්
මධ්‍යම පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගත් ද්‍රවිඩ ගුරුවරුන් රැසක් තමන් වෙත ලබාදුන් පත්වීම්වලට අදාළව ඔවුන්ට පත්වීම් ලබාදුන් විදුහල්වල සේවයට නොගොස් දේශපාලනඥයන් මාර්ගයෙන් එම පත්වීම් ලද ස්ථානවලින් වෙනත් පහසුකම් සහිත පාසල්වලට මාරුවීම් ලබා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන බව මධ්‍යම පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ඉතා දුෂ්කර ප්‍රදේශවල පාසල්වල සේවය සඳහා පත්වීම ලබාගත් ඇතැම් පත්වීම්ලාභීන් මෙතෙක් දුෂ්කර වුවත් දුෂ්කර පළාත් ගුරු සේවයේ යෙදීම අදාළ නව පත්වීම අනිවාර්ය බවත් පැවසූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සේවයට වාර්තා නොකළ අයට වැටුප් ගෙවීම ද අත්හිටුවීමට සිදුවන බව ද කීය.