නිවැරැදිව කාලගුණය කියන්න 'මිසෝ' එයි | සිළුමිණ

නිවැරැදිව කාලගුණය කියන්න 'මිසෝ' එයි

 මෙරට කාලගුණ අනාවැකි වඩාත් විධිමත් අයුරින් සහ නිවැරැදිව ඉදිරිපත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නොට්‍රිඩ්රෑම් විශ්වවිද්‍යාලය සමඟ එක්වී මිසෝ (MISO) නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ වැඩසටහන යටතේ දී නවීන තාක්ෂණික උපකරණ ලංකාවේ ප්‍රදේශ කිහිපයක සවිකරන අතර මේ සඳහා වැයවන මුදල ඇමෙරිකා එක්සත් ජනපදයේ නොට්‍රිඩ්රෑම් විශ්වවිද්‍යාලය දරන බව කියැවේ. මේ මඟින් ලංකාවේ දේශගුණය පිළිබඳව නිරන්තරයෙන් ම අධ්‍යයනය කළ හැකි වන අතර මේ උපකරණ වඩාත් නිවැරැදිව කාලගුණ අනාවැකි දන්වන උපකරණ වන බව ද කියවේ.

Comments