මෙරට දිස්ත්‍රික්ක 16 ක දැනට ඇති දරුණු නියඟය නිසා වාරිමාර්ග ජලාශවල ජලය ඇත්තේ තිබිය යුතු ජල ධාරිතාවෙන් සියයට 8 - 15 අතර ප්‍රමාණයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පවසයි.
ඒ අනුව අනුරාධපුරය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, හම්බන්තොට, පුත්තලම යන දිස්ත්‍රික්කවල ජලාශවල ජලය මඟින් පානීය ජලය ලබාගැනීමටත් දැන් ගැටලු පැන නැඟී ඇතැයි ද ඒ මහතා කියයි.
මේ අතර මහවැලි අධිකාරියේ ජල ලේකම් කාර්යාලය පවසන්නේ මේ නියඟය නිසා සමහර මහවැලි ජලාශවල ජල ධාරිතාව තිබිය යුතු ධාරිතාවෙන් සියයට 4 - 15 දක්වා අඩු වී ඇති බවයි. කන්තලේ, කවුඩුල්ල, ගිරිතලේ, රන්ටැඹේ, නුවර වැව, වෙන්ඩ්‍රායකුලම්, මොරගහකන්ද, නාච්චදූව, තිසාවැව හා රන්දෙනිගල වැනි ජලාශවල ජල ධාරිතාව වේගයෙන් අඩුවෙමින් පවතී.
අධික වාෂ්පීකරණය නිසා මේ ජලය තවත් අඩුවෙන බවත් ඒ අනුව ජලය ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම කළ යුතු බවත් මහවැලි අධිකාරිය හා වාරිමාර්ග අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.