![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/07/21/Untitled-1.jpg?itok=7r1fXCky)
නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් එතෙරින් ගෙන්වීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මේ අනුව මියන්මාරයෙන් සහ පාකිස්තානයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ළඟදීම ගෙන්වන බව පවසන ජනාධිපතිවරයා මීට අමතරව තායිලන්තයෙන් ද සහල් තොග ගෙන්වීමට කටයුතු කර ඇති බව පවසා ඇත.