යාපනය කොටුව පරිශ්‍රයේ සිදු කරන ලද පශ්චාත් ආපදා පුරාවිද්‍යාත්මක ගවේෂණයේදී ක්‍රි.පූ. 5 වැනි සියවසට අයත් මැටි භාජන හමු වී තිබේ. ලන්දේසි යුගයට අයත් යාපනය කොටුවේ පිහිටි කතෝලික පල්ලිය හා කොටුවේ පිහිටි බන්ධනාගාරයේ මේ කැණීම් සිදු කෙරිණි.
ඒ අතර උතුරු ඉන්දීය මැටි භාජන (NDP) ලංකාවේ නිෂ්පාදිත මැටි භාජන හා ප්ලේටඩ් වෙයා හෙවත් ඉන්දීය අරිකමේඩු සංස්කෘතියට අයත් මැටි භාජන හමු වී ඇත.