ඩෙංගු ආලේපනයට මුල්තැන | Page 14 | සිළුමිණ

ඩෙංගු ආලේපනයට මුල්තැන

ඩෙංගු මදුරු දෂ්ටයෙන් ආරක්ෂා වීම සඳහා වෙළෙඳ පොළේ ඇති ඒ සඳහා අනුමත ආලේපන යොදා ගන්නා මෙන් ඩෙංගු රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති. මෙම විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටින්නේ තම නිවසේ හෝ නිවසින් එළියට යන විට අනිවාර්යයෙන්ම පැඟිරි තෙල් හෝ ඒ හා සමාන වෙනත් ආලේපනයක් ආලේප කළ හැකි අතර එමඟින් පැය කිහිපයක් යනතුරු ශරීරයට ආරක්ෂාවන් ගෙන දෙන බවයි.

අවුරුදු 5 ට අඩු කුඩා දරුවන්ට  ස්වභාවික අමු ද්‍රව්‍යයක් හෝ ඇඟ වැසුණු ඇඳුමක් මඟින් සිරුර ආවරණය කළ යුතු අතර පැඟිරි තෙල් ආලේප කිරීමේදි දැවිල්ලක් හට ගන්නේ නම් එයින් සියයට 50 කට පොල්තෙල් හෝ ක්‍රීම් වර්ගයක් මිශ්‍ර කර ගත යුතු බවයි.

ඩෙංගු අවදානම තදින්ම පවතින කොළඹ නගර සීමාවේ ජලය එකතු කරන භාජන වසා තබන්නේ සියයට 50 ක ප්‍රමාණයක් වන අතර මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කරන්නේ සියයට 56 ක් බව ඩෙංගු මර්දන ඒකකයේ සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වී ඇත.

එසේම මෙම සමීක්ෂණ වාර්තාවන්ට අනුව දරුවන් හා වැඩිහිටියන් ආරක්ෂා  කර ගන්නට ශරීර ආලේපන භාවිතා කරන්නේ සියයට 11 ක් බවද වාර්තා වී ඇත. 

Comments

ඩෙංගු ගැන ජනප්‍රිය මතයට පිටින් යන, ඔබට නිකමට හිතිලා නැති, විවෘත මනසකින් හිතුවොත්, දෙයියනේ ඇත්ත නේද කියලා හිතෙන, තමුන්ට එහෙම හිතුනෙ නැති එක ගැන ලැජ්ජා හිතෙන, කරුණු කීපයක් http://eradicatedengue.blogspot.com/2017/07/blog-post_13.html

Mosquito breeding spot in SD & CC site in Kaldemulla, Ratmalana This has reference to Mosquito breeding spot at State Development & Construction Corporation(SD&CC), Galle Road Ratmalana Please note that Mount View Residencies is a residential condominium consists of eighty five (85) residential units located at 95 & 97 Galle Road, Kaldemulla, Ratmalana. Adjoining this Mosquito breeding spot in SD & CC site in Kaldemulla, Ratmalana is Mount View Residencies at Ratmlana. We are made to understand from MOH office, Moratuwa that remedial action has been taken to prevent this said mosquito breeding at the above site. SD & CC were charged Rs. 25,000 at the Mount Lavinia courts. However, 18 months have passed, still Mosquito breeding spot is continuing and no follow action by MOH office Moratuwa. Government departments have money to pay the fines but they do not comply with the instructions of MOH office, Moratuwa Why not investigate by President’s office, PM ‘s office, Ministry of Health or by the relevant Ministry responsible for State Development & Construction Corporation(SD&CC), Galle Road Ratmalana ?

පිටු