![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/07/14/dengue-mosquito.jpg?itok=nLWmTWVO)
ඩෙංගු මදුරු දෂ්ටයෙන් ආරක්ෂා වීම සඳහා වෙළෙඳ පොළේ ඇති ඒ සඳහා අනුමත ආලේපන යොදා ගන්නා මෙන් ඩෙංගු රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති. මෙම විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටින්නේ තම නිවසේ හෝ නිවසින් එළියට යන විට අනිවාර්යයෙන්ම පැඟිරි තෙල් හෝ ඒ හා සමාන වෙනත් ආලේපනයක් ආලේප කළ හැකි අතර එමඟින් පැය කිහිපයක් යනතුරු ශරීරයට ආරක්ෂාවන් ගෙන දෙන බවයි.
අවුරුදු 5 ට අඩු කුඩා දරුවන්ට ස්වභාවික අමු ද්‍රව්‍යයක් හෝ ඇඟ වැසුණු ඇඳුමක් මඟින් සිරුර ආවරණය කළ යුතු අතර පැඟිරි තෙල් ආලේප කිරීමේදි දැවිල්ලක් හට ගන්නේ නම් එයින් සියයට 50 කට පොල්තෙල් හෝ ක්‍රීම් වර්ගයක් මිශ්‍ර කර ගත යුතු බවයි.
ඩෙංගු අවදානම තදින්ම පවතින කොළඹ නගර සීමාවේ ජලය එකතු කරන භාජන වසා තබන්නේ සියයට 50 ක ප්‍රමාණයක් වන අතර මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කරන්නේ සියයට 56 ක් බව ඩෙංගු මර්දන ඒකකයේ සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වී ඇත.
එසේම මෙම සමීක්ෂණ වාර්තාවන්ට අනුව දරුවන් හා වැඩිහිටියන් ආරක්ෂා කර ගන්නට ශරීර ආලේපන භාවිතා කරන්නේ සියයට 11 ක් බවද වාර්තා වී ඇත.