සිසුන්ට හා වැඩිහිටියන්ට තොරතුරු තාක්ෂණ දැනුම දෙන ictthaksalawa.com | Page 7 | සිළුමිණ

සිසුන්ට හා වැඩිහිටියන්ට තොරතුරු තාක්ෂණ දැනුම දෙන ictthaksalawa.com

පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය එක් වූ විට එය තොරතුරු තාක්ෂණය නමින් හැදින්විය හැකියි. දුරකථන ඇමතුමේ සිට විද්යුත් ලිපි (e-mail), sms හා skype, viber වැනි සන්නිවේදන මාධ්‍යය ද මෙයට දායක වේ.

තොරතුරු තාක්ෂණය (ICT) පාසල් විෂය පථයට එකතු වන්නේ 2005 උසස් පෙළ සිසුන් සඳහා පවත්වනු ලැබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය GIT විභාගයත් සමගයි. ඉන් පසු 2007 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ict ප්‍රශ්න පත්‍රයද, උසස් පෙළ විෂය ධාරාවේ ඕනෑම විෂය ධාරාවක් යටතේ එක ප්‍රධාන විෂයක් ලෙසින් (ICT නමින්) 2011A /L ict ප්‍රශ්ණ පත්‍රයද සමගිනි.

වර්තමානයේ එය ඩිප්ලෝමා හා උපාධි දක්වා ද පැතිර ඇත්තේ කාලීන යුගයේ අවශ්‍යතාවක් වී ඇති බැවිනි.

දියුණු වෙන රටක් වශයෙන් තොරතුරු තාක්ෂණයේ ඇති අවශ්‍යතාව තේරුම් ගත් රජයන් විශාල වශයන් මුදල් වියදම් කරමින් පරිගණක හා විද්‍යාගාර බිහි කරමින් සිසුන්ගේ දැනුම වර්ධනයට මනා ලෙස දායක වෙමින් පවතී. වර්තමාන රජය පාසල් සිසුන් සඳහා ලබාදීමට අපේක්ෂා කරන ටැබ් පරිගණකයද මීට හොඳ උදාහරණයකි.

සිසුන්ට පමණක් නොව තොරතුරු තාක්ෂණය අද රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීම සඳහා අත්‍යවශ්‍යමය .

එහෙත් බොහෝ ග්‍රාමීය පාසල්වල පවතින ගුරුවරුන් හා සම්පත් හිඟය නිසා තොරතුරු තාක්ෂණය ඉගෙනීමට බොහෝ සිසුන්ට අවස්ථාව නොලැබේ. තවද සමහර පාසල්වල පවතින සම්පත් ප්‍රමාණය අවම වීම නිසා මේ සඳහා සාමාන්‍ය පෙළට සිසුන් තෝරාගනු ලබන්නේ සමහර වෙනත් විෂයයන් සඳහා උපරිම ලකුණු ලබාගත් සිසුන් කිහිප දෙනා පමණි.

මෙවැනි වාතාවරණයක් පවතින වටාපිටාවක නිවෙසේ සිටම තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා පහසුකම් සපයන වෙබ් අඩවි සිසුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද අවධානයට පාත්‍ර වීම වැදගත්ය. එයට හේතුව පූර්ණ කාලීන ගුරුවරයකුගෙන් ලැබෙන්නා වූ දැනුම හා සමාන වූ දැනුමක් එවැනි වෙබ් අඩවි තුළින් පහසුවෙන් නිවෙසේ සිටම ලැබිය හැකි වන බැවිනි.

සතර ආයතනය හා අනුබද්ධව සැකසු ictthaksalawa.com වෙබ් අඩවිය පාසල් සිසුන් අතර හා රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ වැඩිහිටියන් තුල ඉතා ජනප්‍රිය වෙමින් පවතින එවැනි වෙබ් අඩවියකි. එහි නිර්මාතෘවරයා වන්නේ අජිත් පීරිස් මහතාය.

මේ වෙබ් අඩවියේ විශේෂත්වය වන්නේ සියලු පාඩම් මනා ලෙස සරලව හා ක්‍රමයෙන් ගැඹුරට විහිදී යන ලෙස වීඩියෝ වැඩසටහන් මගින් සකසා තිබීමය. ඊට අමතරව විෂයය හැදෑරීමට අවශ්‍ය සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයේ සටහන්, සැම පාඩමක් අවසනයේ ඊට අදාළ ඇගයීම සිදු කිරීමත් සමගම එම මොහොතේම (online ) සිසුන්ගේ ලකුණු පරික්ෂා කිරිමට හැකි වීම, අනුමාන ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න ද මේ වෙබ් අඩවියේ ඇතුළත්ය. පාඨමාලාව අවසානයේ ලබාදෙන අනුමාන ප්‍රශ්න සහිත විභාගයක්ද පැවැත්වෙන අතර එය සමත් වූ විට සතර ආයතනය වටිනා සහතිකයක්ද ලබා දේ.

තොරතුරු තාක්ෂණය හැදෑරීමට බොහෝ සිසුන් අපේක්ෂාවෙන් සිටියද ඊට පැනනගින විවිධ බලපෑම් නිසා අප රටේ තොරතුරු තාක්ෂණික දැනුම පවතින්නේ සියයට 32 -34 වගේ අඩු අගයක් බව සමීක්ෂණවලින් හෙළිවී ඇත. එහෙත් වෙනත් විෂය අධ්‍යයනය අතින් සියයට 85 හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් අප ඉදිරියෙන් සිටි. මේ නිසා සියලු දෙනා හට ගැළපෙන පරිධි මේ පාඩම් සකසා ඇත.

උසස් පෙළ සඳහා මේ වසරේ GIT විභාගයට පෙනී සිටින සිසුන් හා 2019 උසස් පෙළ ලියන සිසුන් මේ වෙබ් අඩවිය මගින් ඉලක්ක කර ඇත. තවද රාජ්‍ය ආයතන සේවකයන් සඳහා නියමිත තොරතුරු තාක්ෂණ විභාගය සඳහා හා 10 , 11 වසරේ සිටින ICT හැදෑරීමට නොහැකි වු සිසුන් හට මේ පාඩම් ඉතා වැදගත් වන්නේ දැනට එම වසරේ ICT හදාරන සිසුන් හා තම දැනුම සමකර ගැනීමට හැකි වන නිසාය. නැත හොත් අප විසින් හදුන්වනු ලබන අංකික බෙදුම (digital divider) එනම් තොරතුරු තාක්ෂණික යෙදුම් හා ඒවායේ පල ප්‍රයෝජන මොනවාදැයි දන්නා හා නොදන්නා සිසුන් අතර ඇතිවන දුරස්ථ බව නැති කිරීම සඳහාය.

එහෙත් මෙහිදී පරිගණක සම්පත් හිගකම හා දිළිඳුකම යන ගැටලු මතු වන බවද අමතක කළ යුතු නැත.

ඊට හොදම විසඳුම ලෙස කුමුදු 1මේ පාඩම් හැදෑරීම හා ඇගැයීම ජංගම දුරකතනයෙන්, ටැබ් පරිගණකයෙන් හෝ සාමාන්‍ය පරිගණකයෙන් යන ඕනෑම දෙයකින් සිදු කළ හැකි වන පරිදි සකසා තිබේ.

මේ වෙබ් අඩවියට පාඩම් මාලා ලබා දෙන්නේ 2008 වසරේ සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා, 2011 විෂය ආරම්භක වු වසරේ සිට උසස් පෙළ සිසුන් සඳහා ICT විෂය ද හා GIT සඳහා 2009 සිට සතර ආයතනය හා සම්බන්ධව වසර 5 කාලයක් සිට මේ දක්වා වැඩිම සිසුන් ප්‍රතිශතයකට ICT විෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමට සමත් වු ගුරුවරයෙකි.

කළුතර සිරි කුරුස විදුහලේ බාහිර ඉලෙක්ට්‍රොනික ගුරුවරයකු වශයෙන් සිට පසුව රාජ්‍ය ආයතනයක පරිගණක ජාල පරිපාලකයකු වශයෙන්ද සේවය කර ඇත. NIBM ආයතනයේ ක්‍රම ලේඛන පාඨමාලාව, CIMA srilankaහි ජාලකරණ පාඨමාලාව, කොළඹ DP aid හි පරිගණක දෘඪාංග පාඨමාලව ඉන්දියාවට ගොස් හැදෑරු තොරතුරු තාක්ෂණය හා කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපෙක්ෂකයකු ලෙස හැදෑරූ දැනුම ඔහු සතුව තිබේ. ඉතා සරල ලෙසින් හා සිසුනට අවබෝධ වන පරිදි ගැඹුරින් පාඩම් ලබාදීම් ඔහුගේ ඉගැන්වීම් ස්වරුපය වේ.

රජයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හා රජයේ බොහෝ විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ෂණ විභාගය පවත්වන්නේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවිම මගිනි. තවද ප්‍රයෝගික පාඩම් වෙබ් අඩවියේ අන්තර්ගත කර ඒවා භාවිත කරන අයුරු කියා දීමද සිදු කෙරේ.

මෙවැනි පාඨමාලා මගින් අධ්‍යාපනය හැදෑරීම බොහෝ විදෙස් රටවල දැන් කරන්නා වූ ක්‍රමයයි. එමගින් සිසුන්ගේ කාලය හා දෙමවුපියන්ගේ මුදල ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසේ.

ictthaksalawa.com වෙබ් අඩවියේ දැනට user id හා password සඳහා 123 යන සරල ඉලක්කම භාවිතා කර නොමිලේ පාඩම් ලබාගැනීමට හැකියාව ඇත.

ඒ සඳහා ictthaksalwa.com වෙබ් අඩවියට යන්න. මේ සඳහා ජංගම දුරකථනය, ටැබ් පරිගණකය හෝ සාමාන්‍ය පරිගණය භාවිත කල හැක. logn බොත්තම තද කරන්න. user id හා password සඳහා 123 යොදන්න. පාඩම් ලබාගන්න

ලියාපදිංචි වීම සඳහා ජංගම දුරකථනයට එන serial code එක භාවිත කළ හැකිය.

serial code ලබාගත් පසු ictthaksalawa.com වෙබ් අඩවියට යන්න. login බොත්තමට පහළ ඇති register වචනය තෝරා ලැබෙන user id, password, හා serial code සම්පුර්ණ කරන්න. 

Comments