පොදුජන සුබසෙත, සංවර්ධනය සැලැසෙන සංවර්ධන වැඩසටහන්වලට ටෙන්ඩර් කැඳවීමේදී නාස්තියට දූෂණයට වැට බැඳෙන නව ටෙන්ඩර් (ප්‍රසම්පාදන) ක්‍රමවේදයක් රජය හඳුන්වා දී තිබේ. මේ නව ක්‍රමවේදය නිසා රටේ සම්පත්, හා කාලය නාස්තිවීමකින් තොරව කොන්ත්‍රාත්කරුවන්ට ද පහසුව සැලැසෙන ලෙස ටෙන්ඩර් කැඳවීමට ඉඩ කඩ ලැබී ඇත.
මේ නව ක්‍රමවේදය නිසා රජයේ මුදල් වඩාත් පලදායිව හා කඩිනමින් වැය කිරීමටත් සංවර්ධන ව්‍යාපෘති භාර ගන්නා කොන්ත්‍රාත්කරුවන්ට වැඩි පහසුකම් සැලැසීමටත් හැකි වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
රජයේ හා පෞද්ගලික හවුල්කාරීත්වය සහිතව රටේ යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩසටහන් සඳහා රජය මඟින් යෝජනා කැඳවීමකින් තොරව පෞද්ගලික ආයෝජකයින් කරනු ලබන යෝජනා තිබේ. ඒවා රජය පිළිගන්නා අතර, ඊට සමගාමීව එම යෝජනා ගැන තවත් ටෙන්ඩර් යෝජනා ගෙන්වා ගැනීමට රජය පියවරගෙන තිබීම නව වැඩපිළිවෙළේ ඇති විශේෂත්වයයි.
ස්වීස් අභියෝගතා ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඉඩදීම ලෙස මෙය නම් කර ඇත.