උමාඔය ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟ ඇතුළතින් දැන් සිදුවන තත්පරයකට ලීටර් 1000 හා ලීටර් 830 අතර වූ ජල කාන්දුව නවතා දැමීමට අවශ්‍ය නවීන තාක්ෂණික කටයුතු ජූලි 15 සිට අරඹන බව උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි.
මේ අනුව පසුගිය දිනවල දිනකට ජලය ලීටර් කෝටි 8.5 ක් පමණ උමඟ දිගේ අලිකොට ආර නව ජලාශයට ගලාගිය බවත් අධ්‍යක්ෂවරයා කීය.
ලබන 15 වැනිදා සිට උමඟ කැනීමේ කටයුතු නවතා ඒ සඳහා මෙරටට ප්‍රථම වරට ගෙන එන ලද ජර්මනියේ නිෂ්පාදිත යන්ත්‍රය ඉදිරියට යවා උමඟේ ජල කාන්දුවට කොන්ක්‍රීට් මිශ්‍රිත මිල අධික රසායන ද්‍රව්‍ය මඟින් මුද්‍රා තබන බවත් ඔහු කීය.
උමාඔයේ කැනීම් සඳහා ජර්මනියෙන් ගෙනැවිත් ඇති මිනුම් යන්ත්‍රයේ යම් යම් අඩුපාඩු ඇති බවත් එය පිළිසකර කිරීම ද 18 වැනිදා සිට ආරම්භ කරන බවත් අධිපතිවරයා පවසයි.
මීටර් 160 ක් දිග මේ ජර්මන් යන්ත්‍රය මඟින් දැනට මීටර් 40 දක්වා විදීමට හැකි අතර ඒ විදුම් කරන ප්‍රදේශයේ සුළු ජල කාන්දු ඇත්නම් ඒවා ‘සීල්’ කිරීමට ද පුළුවන. නමුත් 18 වැනිදා සිදුකරනු ලබන යන්ත්‍රය නවීකරණ ක්‍රියාවලියෙන් පසු යන්ත්‍රයේ සිට ඉදිරියට මීටර් 40 – 50 දුරට විදුම් කරන විට පවා විශාල ජල කාන්දුවක් ඇත්නම් ඒවා ඉක්මනින්ම මුද්‍රා කිරීමට හැකි බවද විධායක අධ්‍යක්ෂ සුනිල් ද සිල්වා මහතා පවසයි.