සෞදි ආයෝජකයින් රැසක් මෙරටට | සිළුමිණ

සෞදි ආයෝජකයින් රැසක් මෙරටට

 සෞදි අරාබියේ ප්‍රධාන පෙළේ ආයෝජකයින් මෙරට ආයෝජනය කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. සෞදි රජ පවුලට අයත් අල්වලීඩ් බිං තලාල් අබ්දුල්ලාස් අල් සව්ද් කුමරු පසුගියදා දිවයිනට පැමිණ, විදේශ කටයුතු අමාත්‍ය

රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සැලකර ඇත.

විශේෂයෙන්ම මෙරට සංචාරක හා වෙළෙඳ ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම කෙරෙහි සෞදි ආයෝජකයන් වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ආර්ථික ප්‍රගතිය සම්බන්ධයෙන්ද සෞදි රජය සතුට පළ කර ඇත. 

Comments