![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/30/coconut-oil.jpg?itok=55Tt9V4j)
රූපාන්ති බුලත්සිංහල
යාපනයේ පලෛ තුරෛ පොල් උයන කේන්ද්‍ර කරගනිමින් පොල් තෙල් නිෂ්පාදනය ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගනියි. මේ මඟින් පාරිභෝගිකයාට විශ්වසනීය හා ගුණත්වයෙන් ඉහළ පොල් තෙල් නිෂ්පාදන සැපයීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ අරමුණ බව ද එහි සභාපති කපිල යකන්දාවල මහතා පවසයි. නව පොල් තෙල් නිෂ්පාදන වැඩ පිළිවෙළ හේතුවෙන් පොල් කර්මාන්තය ආශ්‍රිතව නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට අපේක්ෂිත බවද සභාපතිවරයා කියා සිටී.
වර්තමානයේ පොල් තෙල් පිළිබඳ ජනතාව තුළ වැරැදි ආකල්පවලට හේතුව වී ඇත්තේ පොල් තෙල් සඳහා නොයෙක් මිශ්‍ර වීම බවත්, වෙළෙඳපොළේ පවතින පොල් තෙල් නිෂ්පාදනවල ගුණත්වය හා පිරිසුදු බව අඩු බවත් හේතුවෙන් නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීම ඉක්මන් වූ බවත් පවසන සභාපතිවරයා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ මූලිකත්වයෙන් නිෂ්පාදනය කරන නව පොල් තෙල් රාජ්‍ය විශ්වාසය දිනා තහවුරු වූවක් බවද පවසයි.