![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/30/navy.jpg?itok=JGPEb9w4)
තාරක වික්‍රමසේකර
ස්වාභාවික ව්‍යසන අවස්ථාවන්හිදී ක්ෂණිකව ඒ සඳහා කටයුතු කළ හැකි ආපදා ප්‍රතිචාර ඒකකයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ස්ථාපිත කර ඇත.
මෙම ඒකකය බටහිර සහ දකුණු පළාත් ආවරණය වන පරිදි ස්වාභාවික ආපදා සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර ඉදිරියේදී උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ජනතාවට ඇති වන ස්වභාවික විපත්වලින් එම ජනතාව මුදාගැනීම පිණිස, එම පළාත්වල මෙවැනිම ඒකකයන් 2 ක් පිහිටු වීමට නාවික හමුදාව විසින් පියවර ගැනීමට නියමිතය.
මෙම විශේෂ ඒකකය මගින් ආපදා සහන මෙහෙයුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වන නාවිකයන්ට අවශ්‍ය ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, ජංගම මුළුතැන් ගෙවල්, මුළුතැන්ගෙයි උපකරණ, කූඩාරම්, ජල පොම්ප, අධි පීඩන ජල විදිනයන් සහ ජංගම වැසිකිළි යනාදී සියලු අවශ්‍යතාවයන් සපයා දෙනු ඇත.