ඩෙංගු අවධානය වැඩි කරන්න | සිළුමිණ

ඩෙංගු අවධානය වැඩි කරන්න

 මේ වන විට ජනගහනයෙන් විස්සකට එක් අයෙකුට ඩෙංගු රෝගය පැතිර යෑමේ අවදානමක් පවතින නිසා නිවසේ හා වටපිටාවේ අවධානයට හසුනොවන විශේෂිත ස්ථාන කෙරේ දැඩි සැලකිල්ලක් යොමු කරන මෙන් ඩෙංගු මර්දන ඒකකය ඉල්ලා සිටියි.

නඩත්තු නොකරන වැහිපීළි හා වැසිකිලි වලවල්, වතුර එකතු කරන ටැංකි හා සතුන්ට ආහාර හෝ ජලය ලබා දෙන භාජන, මිදුලේ තැන්තැන් වල දමා ඇති මූඩි හෝ රඹුටන් පොතු, අන්නාසි හා ඒ හා සමාන ජලය රැදෙන පැළෑටි, ශීතකරණ පිටිපස ඇති තැටි, අඩක් නිමකර ඇති නිවෙස් වල ඇති කොන්ක්‍රීට් තට්ටු, තැන් තැන් වල දමන ලද උළුකැට ආදිය පිරිසුදු කිරීම් වලදී විශේෂ අවධානය යොමු කරන මෙන්ද ඩෙංගු මර්දන ඒකකය ඉල්ලා සිටියි.

ඩෙංගු මර්දනයේදි ධුමායන කටයුතු වලංගු වන්නේ පැය භාගයක කාලයකට හෙයින් ධුමානය කටයුතු කිරීමට වඩා සාර්ථක වන්නේ සාමූහිකව කරන පිරිසුදු කිරීම් වලට හෙයින් සාමූහිකව එක්වී සතියකට වතාවක් තම නිවෙස් හා ඒ අවට විශේෂිත ස්ථාන සැලෙකිල්ලට ගනිමින් පිරිසිදු කිරීමේ කටයුතු කළ යුතු බව එම ඒකකය පවසා සිටියි. 

Comments