ආසියානු සංවර්ධන බැංකුව මඟින් ශ්‍රී ලංකාවට සපයනු ලබන බහු කාර්ය සංවර්ධන ආධාර මේ වසරේ සිට දෙගුණ කර තිබේ. එම බැංකුව මඟින් ණය සපයනු ලබන ප්‍රධාන ක්‍රමවේද දෙක ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසර සිට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 800-1000 ක් අතර මුදලක් ලැබෙනු ඇත. වර්තමානයේ දී ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 400-500 ක් අතර ප්‍රමාණයක ණය ආධාර ලබා දෙන අතර දැනට රටේ ප්‍රදේශ ගණනාවක ආසියානු සංවර්ධනය බැංකුවේ ආධාර ලත් ව්‍යාපෘති 24ක් ක්‍රියාත්මක වේ. මාර්ග සංවර්ධනය, ධීවර කටයුතු සංවර්ධනය, වාරිමාර්ග සංවර්ධනය, නිපුණතා හා අධ්‍යාපන සංවර්ධනය, ජල සම්පාදන හා ජලාප්‍රවාහන පහසුකම් නංවාලීම ආදිය මෙම ව්‍යාපෘතීන්ට අයත් වේ. ආසියානු සංවර්ධන බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ලැබෙන ණය ආධාර බොහෝමයක් සහන පොලි මත වන අතර ඒ සඳහා වසර 5ක සහන කාලයක් ද ලැබේ.
බැංකුව මඟින් දෙනු ලබන අධාර ප්‍රමාණය දෙගුණ කර ඇති බැවින් දුම්රිය, වරාය හා මාර්ග සංවර්ධනය ඇතුළු නව ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන කටයුතු වැඩි කිරීමට හඳුනා ගෙන ඇත. මේ නව සංවර්ධන ව්‍යාපෘති සඳහා දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් ශක්‍යතා අධ්‍යයනය කිරීම අරඹා ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ශ්‍රී විඩෝවති මහත්මිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යාංශයේ දී හමු වීමේදි මේ පිළිබඳ ව සාකච්ඡා කර ඇත.