පොදු දේපළට හානි කළොත් රජයේ රැකියා බෑ | සිළුමිණ

පොදු දේපළට හානි කළොත් රජයේ රැකියා බෑ

පොදු දේපොළවලට හානි සිදු කරන පුද්ගලයන් රජයේ රැකියා සඳහා බඳවා නොගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජය සූදානම් වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ වර්ජන, කලකෝලාහල වැනි කඩාකප්පල්කාරී අවස්ථාවල බොහෝ පුද්ගලයන් රාජ්‍ය දේපොළවලට දැඩි ලෙස හානි කිරීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවත්, මේ නිසාම රජය සතු විශාල දේපොළ ප්‍රමාණයක් විනාශ වූ බවත් පැවසූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි.

වගකීමෙන් යුතුව රජයේ දේපළ පරිහරණය කළ නොහැකි පුද්ගලයන් රාජ්‍ය සේවයට සුදුස්සන් නොවීම මත මෙම තීරණයට එළැඹීමට නියමිතය. මේ අනුව රජයේ ප්‍රමුඛ සේවාවන් වන පරිපාලන සේවාව, කළමනාකරණ සේවාව, ගණකාධිකරණ සේවාව, වෛද්‍ය සේවාව වැනි සේවා සඳහා මෙවැනි පුද්ගලයන් බඳවා නොගැනීමට කටයුතු කෙරෙනු ඇත.

මීට වසර ගණනාවකට පෙර රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී පොලිස් වාර්තා මෙන්ම අදාළ පුද්ගලයාගේ අතීත ක්‍රියාකලාපය ගැන දැඩි ලෙස විමසිලිමත් වූ අතර, එහිදී පොලිස් වාර්තා අනුව කටයුතු කෙරිණි. එම තත්ත්වය පසුගිය කාලයේදී ඇනහිට තිබූ අතර මේ අනුව යළිත් එය වඩාත් සක්‍රීය කිරීමට ක්‍රියා කෙරෙනු ඇත. 

Comments

What I do not understand why it was not activated so far. In any western country, there is a criteria that people who are involved in any riot or any criminal offence cannot get certain jobs either in private or public sector. Good decision.

පිටු