![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/16/Hospital.jpg?itok=TXa1sI-x)
ඩෙංගු රෝගයට අදාළ ප්‍රතිකාර මේ වන විට අනෙකුත් රෝහල්වලද සාර්ථකව ක්‍රියාත්මක වන හෙයින් එම ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලටම යෑමට අවශ්‍ය නැතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වන විට ඩෙංගු රෝගය වසංගත මට්ටමින් පැතිර යන අතර, අයිඩීඑච් උණ රෝහල රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.
එසේම මේ වන විට කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ජාතික රෝහල, රාගම ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, පාණදුර රෝහල ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය රෝහල්හිද ඩෙංගු රෝගය සඳහා අදාළ ප්‍රතිකර්ම සාර්ථකව ක්‍රියාත්මක වන හෙයින් උණක් ගැනුණු සැණින් අයිඩීඑච් රෝහලටම නොගොස්, ආසන්න රෝහලකට ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය රෝගීන්ගෙන් ඉල්ලා සිටියි.
මේ පිළිබඳව අදහස් දැක්වූ එම ඒකකය සඳහන් කළේ උණ අඩු කරගැනීමට වෛද්‍ය උපදෙස් මත පැරසිටමෝල් නියමිත මාත්‍රාව හැර වෙන කිසිම ඖෂධයක් භාවිත නොකළ යුතු බවත්, උණ ගැනී දින 3ක් නොව, පැය 48ක් (දින 23ක්) අවසානයේ වෛද්‍ය උපදෙස් මත අනිවාර්යයෙන්ම සම්පූර්ණ රුධිර පරීක්ෂණයකට යොමු විය යුතු බවයි.